මාතර ගන්දර, කපුගම ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ලද තොරතුරු ඔස්සේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘දෙහිගෙදර බාලේ’ නැමැත්තා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසේ සිටි පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ උදෑසන 06යි 35ට පමණයි. එම වෙඩි තැබීමෙන් 48 හැවිරිදි ධීවර ව්‍යාපාරිකයෙකු තුවාල ලැබූ අතර ඔහු මාතර රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචිමාර්ග පැවසුවා. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය මගින් සිදු කරනු ලබනවා. මේ අතර, ත්‍රිකුණාමලය, උතුරු වෙරළ මාර්ගයේදී පිරිසක් විසින් පුද්ගලයෙකුට පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අද උදෑසන මිය ගොස් තිබුණා. පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේදී එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. මිය ගොස් ඇත්තේ 32 හැවිරිදි ක්‍රිෂ්ණා මාවත, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සාදයක් අතරතුර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වුණේ.
Published