Published
ගන්දර, කපුගම ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වැල්ලම්පිටිය සහ ගණේමුල්ල පොලිස් වසම්වල සිදු කළවැටලීම්වලදීයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන් පසුගිය තුන් වනදා යතුරුපැදියකින් පැමිණ කපුගම ප්‍රදේශයේ අදාළ නිවසේ රැඳී සිටි පුද්ගලයාට වෙඩි තැබීමට උත්සහ කර තිබෙනවා. එම වෙඩි තැබීම විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකුගේ උපදෙස් මත සිදු කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.