රුපියල් ලක්ෂ පහක් වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ජාවාරම්කරුවන් දෙදෙනෙකු සහ ගමන් ගත් වෑන් රථයක් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා
අත්අඩංගුවට ගත් වෑන් රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබූ අන්සතු ගමන් බලපත්‍ර 35 ක් ද සොයා ගැනීමට සමත් වී තිබේ .
මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුව 22 හැවිරිදි දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔහු මාසයකට 15 වතාවක් ගුවන් ගමන් වල නිරත වන විසි වසරක් පුරා මෙසේ ගුවන් ගමන් වල යෙදුණු පුද්ගලයෙකි .
ඔහු සන්තකයෙහි මියගිය කාන්තාවන්ට , භික්ෂුන් වහන්සේලාට , ශිෂ්‍යයන්ට , අයත් ගමන් බලපත්‍ර මෙන්ම කල් ඉකුත් වූ සහ අවලංගු වූ ගමන් බලපත්‍ර ද තිබූණි .
ඒ අතර මෙම ප්‍රධාන ජාවාරම්කරුට අයත් ගමන් බලපත්‍ර 06 ක් තිබීම ද විශේෂත්වයකි .
ඔහු මෙම ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මෙම විදෙස් මත්පැන් තොගය ලබා ගෙන ඇති අතර ඉන් කොටසක් වෙනත් වාහනයකින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යවා තිබුණි .
මෙසේ කටුනායක පොලීසිය මගින් අත් අඩංගුවට ගත් විදේශීය මත්පැන් බෝතල් 30 අතර දේශීය මුදල් රුපියල් 147,000 ක් සහ ඇමෙරිකානු ඩොලර් 1,376 ක් ද තිබී සොයාගෙන තිබෙනවා.
පොලීසිය මගින් අත් අඩංගුවට ගත් අනෙක් ජාවාරම්කරුවා වත්තල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වෑන් රථ රියැදුරුවරයෙකි .
කටුනායක පොලිසියේ නිලධාරීන් මෙම සිදුවීම පිළිබඳ පුළුල් විමර්ශන ක්‍රියාවලියක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මෙම ජාවාරම්කරුවන් දෙදෙනා සහ අත් අඩංගුවට ගත් ගමන් බලපත්‍ර තොගය සමග මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරි පත් කිරීමට නියමිතය .
Published