Published
ප්රතිවිරුද්ධ පාර්ශවවල පුද්ගලයින්ගේ පුහු තර්කවලට සිය පක්ෂයේ දේශපාලන ගමන වෙනස් කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා පවසනවා. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්රීවරුන් ඔවුන්ගේ මන්ත්රී වැටුප පක්ෂ අරමුදලකට ලබා දීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්රීවරයා මේ බව කියා සිටියා. උදය ගම්මන්පිල මහතා අදාළ කරුණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් භාර දුන්නේ ඊයේ දිනයේදීයි. එහිදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
මේ, පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා ඊට දැක්වූ ප්රතිචාරයයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා.