Published
දිනෙන් දින සිදුවන රිය අනතුරු සම්බන්ධයෙන් ඇසෙන පුවත් අඩුවන දිනයක් වාර්තා වන්නේ දැන් කලාතුරකින්. ඉකුත් පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් ද පුද්ගලයින් 06 දෙනෙකුට දිවි අහිමි වුණා. පාසල් ආරම්භක සහ අවසන් වන කාලයේ ඛනිජ ප්‍රවාහනය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණේ ද අනතුරු වලක්වා ගැනීමේ අරමුණින්. දැන් එම තහනම ඉවත් කර තිබෙනවා. එසේ සිදු කළේ ඇයි? මේ, ඒ පිළිබඳ සොයා බැලීමක්.