ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පසුගියදා නීතිඥවරයෙකු සමග ඇති වූ බව කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා අද ඇප මත මුදා හැරුණා.

එලෙස මුදාහැරුණු පොලිස් කොස්තාපල්වරයා පිළිගැනීම සඳහා විශාල පිරිසක්ද අධිකරණ සංකීර්ණයෙන් පිටත රැස්ව සිටි අතර ඔවුන් මල් මාලා පළඳවමින් එම නිලධාරියා එහිදී පිළිගනු ලැබුවා.

මේ අතර, අධිකරණ භූමියට පැමිණ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගෙන් මාද්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළ අතර ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

මෙම සිද්ධියට අදාළව පොලිස්පතිවරයා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කළා.