Published
ගල්කිස්ස අධිකරණයේදී නීතිඥවරයෙකුට පහර දුන් පොලිස් නිලධාරියා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එම අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇතිවූ සිද්ධියක් මුල් කර ගනිමින් අදාළ පොලිස් නිලධාරියා විසින් නීතිඥවරයාට පහර දුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.
සිද්ධිය වූ අවස්ථාවේ ගල්කිස්ස අධිකරණ භූමියේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශද සටහන් කරගත් බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය මගින් මේ වන විට විමර්ශන සිදු කිරීම ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.