ගලෙන්බිදුණුවැව, ගැටලාව වැවේ තිබී ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 5,038ක් සොයාගෙන තිබෙනවා.

ඒ, ගලෙන්බිදුණුවැව පොලීසියට ලද තොරතුරක් මත එම වැවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.

එම ප්‍රදේශයේ කුඹුරු යායක වැඩ කළ පුද්ගලයෙකු පා සේදීමට ගිය අවස්ථාවේදි ඔහු පළමුව උණ්ඩ කීහිපයක් දැක තිබෙනවා.

ඒ අනුව පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමේදී එම උණ්ඩ 5,038 සොයාගෙන තිබෙනවා.