Published
ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ඔරලෝසු කණුව අසලදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදී තුවාල ලැබූ එම තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වෙඩි තැබීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවටයි පොලීසිය සැක පළ කරනු ලබන්නේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.