Published
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු එම බන්ධනාගාරයෙන් පලා යාමට දැරූ උත්සහයක් බන්ධනාගාර නිලධාරීන් විසින් ව්‍යර්ථ කර තිබෙනවා.
අදාළ සැකකරුවන් දෙදෙනා ගාල්ල බන්ධනාගාරයේ ආපනශාලාව අසල තාප්පයෙන් පිටතට පැන ඇති අතර එම අවස්ථාවේදී මුර අට්ටාලයේ සිටි බන්ධනාගාර නිලධාරියෙකු ඔවුන් නතර කිරීම සඳහා අහසට වෙඩි තබා ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ.
සැකකරුවන් දෙදෙනො තාප්පයෙන් පැන ඇත්තේ බන්දනාගාර නිලධාරීන්ගේ නිල නිවාස කොටසටයි.
එහිදී එම ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරියෙකු විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පළා ගිය අනෙක් සැකකරුද බන්ධනාගාර නිලධාරින් විසින් අල්ලාගෙන තිබෙනවා.




