Published
ගාල්ල බන්ධනාගාරයේ ආපනශාලාවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම නිවාදමා තිබෙනවා. එම බන්ධනාගාරයේ රැඳවියන් රඳවා සිටින පරිශ්රයෙන් පිටත ස්ථාපිත ආපනශාලාවේ එම ගින්න හටගෙන තිබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. වහා ක්රියාත්මක වූ ගාල්ල බන්ධනාගාර නිලධාරින් සහ ගාල්ල මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න මැඩ පවත්වා තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. ගින්නට හේතුව ආපනශාලාවේ හටගත් ගෑස් කාන්දුවක් බවටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැක පළ කරන්නේ.