Published
ගාල්ල පොලිස් වසමේ වැකුණුගොඩ පටුමග පිහිටි සංඥා පහන් සහිත දුම්රිය හරස් මාර්ගයේදි සුසුකි එවරි වර්ගයේ වැන් රථයක් දුමිරියක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා
අද පස්වරු 3:10ට පමණ මාතර සිට නුවර දෙසට ධාවනය වු අංක 8039 දරණ දුමිරියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ
වැකුණුගොඩ දෙස සිට ලන්දැව දෙසට ධාවනය වු සුසුකි එවරි වර්ගයේ වැන් රථය දුමිරියේ ගැටි අඩි 10 ක් පමණ ඇදි ගොස් මාර්ගයේ පසකට තල්ලු වි නැවති තිබෙනවා
මෙම අනතුරෙන් වැන් රථයට හා සංඥා පහන් පද්දතියට හානි සිදු වි ඇත.
එම වැන් රථයේ ගමන් කරන ලද පියා සහ පුතුන් දෙපල තුවාල සිදු වි ප්‍රදේශවාසින් විසින් රෝගින් රෝහල වෙත යොමු කර ඇත.
ගාල්ල මුලස්ථාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




