ගාසා තීරයේදී ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් හය දෙනෙකු මිය යාමේ සිද්ධිය යුරෝපා සංගමය ද හෙලා දැක තිබෙනවා. ඊශ්‍රායල ප්‍රහාරයකින් එලෙස මියගොස් තිබුණේ අල්ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළු කණ්ඩායමක්. කෙසේවෙතත් ඊශ්‍රායලය පවසා ඇත්තේ ත්‍රස්ථ කණ්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයෙකු ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කළ බවයි. ඊශ්‍රායලය එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඊශ්‍රායලයට සිය කනස්සල්ල පළ කර තිබුණා.