ගාසා නගරය අත්පත් කර ගැනීම සඳහා යුද මෙහෙයුම් පුළුල් කිරීමට සංචිත හමුදා භටයින් 60,000ක් කැඳවීමට ඊශ්‍රායලය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ගසා නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමේ අරමුණින් එම භට පිරිස් කැඳවන බවයි ඊශ්‍රායල හමුදා පවසා ඇත්තේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසයේදී එම භට පිරිස් සේවයට වාර්තා කිරීමට නියමිත බව ඊශ්‍රායලප හමුදා ප්‍රධානියෙකු පවසා තිබෙනවා. ඒ අනුව ගසා නගරයේ සිටින ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ට එම නගරයෙන් ඉවත් වී ගසා තීරයේ දකුණු ප්‍රදේශය වෙත යාමට නියෝග කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් ඊශ්‍රායලයේ මෙම යුද සැලසුම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු පාර්ශ්ව රැසක් හෙළා දැක තිබෙනවා. මාස 22ක යුද්ධයෙන් පසු තවත් ප්‍රහාරයක් තුළින් බිහිසුණු මානුෂීය බලපෑමක් ඇති කළ හැකි බවයි එම පාර්ශ්ව පෙන්වා දී ඇත්තේ. සමස්ත ගාසා තීරයම යටත් කර ගන්නා බව ඊශ්‍රායල රජය නිවේදනය කළේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් හමාස් සංවිධානය සමග පැවැති වක්‍ර සාකච්ඡා ඉකුත් මාසයේදී බිඳ වැටීමෙන් පසුවයි.
Published