ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථ රියදුරු සහායකවරයාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව උදාසිරිගම පොලීසිය පවසනවා.

ඊයේ රාත්‍රියේ ඔහුට පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ.

පහර කෑමට ලක්වූ එම ගිලන්රථ රියදුරු සහායකවරයා ප්‍රතිකාර සඳහා එම අවස්ථාවේදීම ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට මාරු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

ලුණුවිල ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රෝගියෙකු සමග පැමිණි වෙනත් පුද්ගලයෙකු විසින් ගිලන් රථ රියදුරු සහායකවරයාට පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ.

පහර දුන් පුද්ගලයා මත්පැන් පානය කර සිට ඇති බවද අනාවරණ වී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.