ලබන වසරේ ජනවාරියේදී ගුරුවරුන්ගේ වැටුප යළිත් වැඩි වන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

එහිදී විපක්ෂ නායකවරයා විමසා සිටියේ ගුරුවරුන්ට වැඩි කරන බවට පොරොන්දු වූ වැටුප් වැඩි වීම ක්‍රියාත්මක නොවන්නේ ඇයිද? යන්න පිළිබඳවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ 2026 වසරේ පමණක් නොව 2027 වසරේදීද ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන බවයි.

ජාත්‍යන්තර පාසල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙන පාසල් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අදහස් පළ කළා.