මාමණ්ඩියට අයත් කෝටි ගණ -නක දේපොළ විකුණා අන්තර්ජා-ලය ඔස්සේ සූදු කෙළි තරුණයෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් වෙන්නප්පුව පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන ක්‍රියාවලියකින් පසු මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ
පැමිණිල්ලට අනුව ලක්ෂ අසූ-වකට ආසන්න වටිනාකමින් යුත් ජිප් රථයක්, ලක්ෂ දොළහක් පමණ වටිනා යතුරු පැදියක් හා රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති රන් පවුම් 38ක් වෙන්නප්පුව, උල්හිටියාව නිවෙසේ තිබී අතුරුදන්ව තිබෙනවා.
මේ පවුලේ සියලු දෙනා ඉතාලියේ රැකියාව කරන අතර දියණිය විවාහ වූ තරුණයා පමණක් වෙන්නප්පුව ප්‍රදේශයේ වාසය කර තිබුනා.
ඒ හේතුවෙන් මේ නිවස බලා ගැනීමට නිවෙසේ සියලු යතුරු ඔහුට භාරදී තිබී තිබෙනවා.
මීට මාස දෙකකට පෙර මේ විවාහය සිදුව ඇති අතර පසුව මේ තරුණයා ද ඉතාලියට ගෙන්වා ගැනීමට නියමිතව තිබී ඇත.
පසුගිය 08 වැනිදා මේ පැමිණිල්ල ලැබුණු වහා ක්‍රියාත්මක වූ වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මුලින්ම ජිප් රථය සොයා ගැනීමට සමත්ව ඇති අතර ඒ තොරතුරු මත මේ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී යතුරු පැදිය විකුණු අකාරය හා රත්‍රන් විකුණු ආකාරය ප්‍රකාශ කර තිබෙනවා
මෙලෙස සොයා ගත් මුදල් මොහු වියදම් කර ඇත්තේ අන්තර් ජාල සූදුවක් සඳහා යැයිද සැකකරු පොලීසියට වැඩි දුරටත් පවසා ඇත්තේ.
වෙන්නප්පුව පොලීසිය සිදුකරන පරීක්ෂණ හේතුවෙන් පෙරේදා (11) පස්වරුව වන විට ජිප් රථය යතුරු පැදිය හා රන් බඩු සොයා ගැනීමට හැකිව තිබේ.
වෙන්නප්පුව ප්‍රදේශයේ ස්ථානයකට උකස් කර ඇති රන් බඩු ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා



