වත්මන් ආණ්ඩුවේ තීන්දු තීරණ හේතුවෙන් ගොවි ජනතාව අන්ත අසරණ වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මේ හේතුවෙන් ගොවියා පමණක් නොව පාරිභෝගිකයා ද අසරණ වී ඇති බවයි.

කෙසේවෙතත් අද වන විට ආණ්ඩුව කළු කඩ ව්‍යාපාරිකයින්ට හසුවී ඇති බවටයි මන්ත්‍රීවරයා චෝදනා කළේ.

මේ අතර ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් සහල් ආනයනයට ගෙන ඇති තීරණය පිළිබඳ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.