මහජන ආරක්ෂක අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද විජයපාල මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ලියන්යුන්ගෑං හි පැවති 2025 ගෝලීය මහජන ආරක්ෂක සහයෝගිතා සංසදයේ සමුළුවට සහභාගී වී නැවත දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම සංසදය 2025 සැප්තැම්බර් 16 සිට 20 දක්වා පැවැත්විණි.

ලියන්යුන්ගෑං හි පැවති 2025 ගෝලීය මහජන ආරක්ෂක සහයෝගිතා සංසදයේ සමුළුවේදී නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බහු පාර්ශ්වික විෂයයන් පිළිබඳව චීන ජනරජයේ මහජන සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ ඉතා ඵලදායී ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවා.

තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

අන්තර්ජාතික අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමේදී සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතා සඳහා සමුළුව සැලකිය යුතු අවස්ථාවන් ලබා දුන් බවද ඔහු සඳහන් කර සිටියා.

තවද, අධිකරණ වෛද්‍ය පරීක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා