Published
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් පවතින බව වාර්තා වනවා. පවතින වැසි තත්ත්වයත් හේතුවෙන් හැටන් - නුවරඑළිය, නුවරඑළිය - වැලිමඩ, නුවරඑළිය - ගම්පොළ සහ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගවල ඝණ මීදුම් තත්ත්වයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගවල රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. පවතින වර්ෂාව සහ ඝණ මීදුම් තත්වය හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත්ව සෙමින් රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.