අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ගොනුකර ඇති අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 18 වනදා කරුණු දක්වන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නොතීසි නිකුත් කිරීම සිදුකළේ රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. මේ අතර මෙම අපේක්‍ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.