ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන විස්සයි විස්ස තුන් කොන් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ, චරිත් අසලංක නායකත්වය දරන අළු කණඩායම සහ කවිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායම අතරයි. පළමුවෙන් පන්දුවට පහර දුන් අළු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා. අළු කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල පන්දු 37ක් තුළදී හතරේ පහරවල් 06ක් සමගින් ලකුණු 52ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 14යි. නායක චරිත් අසලංක ලකුණු 13යි. පන්දු යැවීමේදී කොළ කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර සහ නායක කමිඳු මෙන්ඩිස් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා. ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 04ක් තුළදී කඩුලු 05ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. කොළ කණ්ඩායම වෙනුවෙන් කමිල් මිෂාර පන්දු 34ක් තුළදී හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 06ක් සමගින් ලකුණු 52ක් රැස් කළ අතර භානුක රාජපක්ෂ පන්දු 20ක් තුළදී හයේ පහරවල් තුනක් සහ හතරේ පහරවල් තුනක් සමගින් ලකුණු 38ක් රැස් කළා. ප්‍රවීන් රත්නායක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 36ක්. අළු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ, බිනර ප්‍රනාන්දු, චරිත් අසලංක අතර කඩුලු එක බැගින් බෙදී යද්දී විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු දෙකක් බිඳහෙළුවා. තරඟාවලියේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
Published