ලොව වැදගත්ම නාවික මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම  වළක්වන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් ඉල්ලා තිබෙනවා.

ඉරාන පාර්ලිමේන්තුව සමුද්‍ර සන්ධිය වසා දැමීමේ සැලැස්මක් අනුමත කර ඇති බව ඉරාන රාජ්‍ය ප්‍රෙස් ටීවී වාර්තා කිරීමෙන් පසුව ඔහුගේ අදහස් පළ කර ඇත.

නමුත් අවසාන තීරණය උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය සතු බව ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.

තෙල් සැපයුමට සිදුවන ඕනෑම බාධාවක් ආර්ථිකයට ගැඹුරු ප්‍රතිවිපාක ඇති කරන බවත් විශේෂයෙන් චීනය ලොව විශාලතම ඉරාන තෙල් ගැණුම්කරු වන අතර ටෙහෙරානය සමඟ සමීප සබඳතාවක් පවතින බවද සදහන් කර තිබෙනවා.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය පහර දීමෙන් පසු තෙල් මිල ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් බොරතෙල් මිණුම් ලකුණ මාස පහකින් ඉහළම මට්ටමට ළඟා වී තිබෙන බවයි වාර්තා වන්නේ.