චීන ජාතිකයින් සිය අභ්‍යවකාශ වැඩසටහන්වලට දායක කර ගැනීම අත්හිටුවීමට නාසා ආයාතනය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අමෙරිකාව සහ චීනය අතර තීව්‍ර වන අභ්‍යවකාශ තරඟය එමඟින් නැවත වරක් ගම්‍ය වන බවයි එම වාර්තා පෙන්වා දෙනේනේ.

වලංගු වීසා සහිත චීන ජාතිකයින් නාසා ආයතනයේ වැඩසටහන්වලට සහභාගී වීම තහනම් කර ඇති බවට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පළමුව වාර්තා කළ අතර එක්සත් ජනපද රාජ්‍ය නියෝජිත ආයතනය ද එය තහවුරු කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තම කාර්යයේ ආරක්ෂාව තහවුරු කිරීම, භෞතික සහ සයිබර් ආරක්ෂණය ආදී කරුණු සැලකිල්ලට ගෙන චීන ජාතිකයින්ට සිය අභ්‍යන්තර කටයුතු හා සම්බන්ධ වීමට අවසර ලබා නොදීමට තීරණය කර ඇති බව නාසා ආයතනයේ මාධ්‍ය ලේකම්වරයා ද ප්‍රකාශ කර තිබෙනවා.