ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය විසින්. ජන සංහාරයක් සිදුකර ඇති බවට චෝදනා කරමින්.

2023 වසරේදී හමාස් සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියාවන් පහෙන් හතරක් ඊශ්‍රායලය විසින් සිදුකර ඇති බවට නිගමනය කිරීමට සාධාරණ හේතු ඇති බවයි එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසන්නේ.

සංහාරක අභිප්‍රාය පිළිබඳ සාක්ෂි ලෙස කණ්ඩායමක සාමාජිකයින් ඝාතනය කිරීම, ඔවුන්ට බරපතළ ශාරීරික හා මානසික හානියක් සිදු කිරීම, කණ්ඩායම විනාශ කිරීමට සැලසුම් කළ කොන්දේසි හිතාමතාම ඇති කිරීම සහ දරු උපත් වැළැක්වීම යන කරුණු අදාල වාර්තා මඟින් උපුටා දැක්වා තිබෙනවා.

කෙසේවෙතත් ඊශ්‍රායලය අදාල වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, එම වාර්තාව විකෘති හා අසත්‍ය බවට ප්‍රකාශ කරමින්.