Published
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදු කළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ජපන් රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම මස 27 වනදා සිට 30 වනදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එක්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.




