Published
නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා කළු පාලනය අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නය ඉදිරියේයි.
සමාජය යහපත් කිරීමට නම් කළු පාලනය අනිවාර්යෙන්ම අවසන් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. සංචාරක ප්‍රවර්ධනය සඳහා සිදු කරන වැඩසටහන් පිළිබඳ පළවන විවිධ වාර්තාවන් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. සමාජයේ කැලඹීමක් ඇතිවන ඕනෑම වේලාවක මහා නායකහිමිවරු සක්‍රීයව එයට දායකවී අනුසාසනා ලබාදීම සමාජයට අවශ්‍ය බව ද අවධානය කර සිටි ජනාධිපතිවරයා, විධායක ජනාධිපතිවරයාට සීමාවන් නොමැති වුවත් තමාට සීමාවන් ඇති බව මෙහිදී අවධාරණය කළා.



















