ලොව විශාලතම යුද නෞකාව වන “යූ.එස්.එස් (U.S.S) ජෙරල්ඩ් ආර් ෆෝඩ්” ද ඇතුළත් අමෙරිකානු නාවික ප්‍රහාරක බලකායක් කැරිබියන් දූපතට පැමිණ තිබෙනවා.
අමෙරිකානු නාවික හමුදාව ද ඒ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම බලකායට නාවිකයින් 4,000කට වැඩි පිරිසක් ඇතුළත්.
එමෙන්ම ගුවන් යානා විශාල සංඛ්‍යාවක් මෙන්ම මිසයිල නාශක ඇතුළු තවත් විවිධ වර්ගයේ යාත්‍රා ද මෙම බලකායට ඇතුළත් වනවා.
මෙලෙස අමෙරිකානු නාවික ප්‍රහාරක බලකායක් කැරිබියන් දූපතට පැමිණෙන්නේ චෝදනා එල්ල වන මත්ද්‍රව්‍ය බෝට්ටුවලට එරෙහිව සිදුවෙමින් පවතින ප්‍රහාර සහ වෙනිසියුලාව සමඟ ඇති දේශපාලන ආතතීන් මධ්‍යයේයි.
අමෙරිකාව මේ දක්වා කැරිබියන් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ බෝට්ටුවලට එරෙහිව ප්‍රහාර 19ක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එමඟින් අවම වශයෙන් පුද්ගලයින් 76 දෙනෙකු මිය ගොස් ඇති බවද සඳහන්.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ චෝදනා කරන්නේ අමෙරිකාව අර්බුදයක් නිර්මාණය කර රටේ වාමාංශික සමාජවාදී රජය පෙරළා දැමීමට උත්සාහ කරන බවටයි.
කලාපයේ මත්ද්‍රව්‍ය බෝට්ටුවලට එරෙහිව අමෙරිකාව අඛණ්ඩව ප්‍රහාර දියත් කරන බවත් මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීම සඳහා මෙම ප්‍රහාර අවශ්‍ය බවත් ට්‍රම්ප් පරිපාලනය අවධාරණය කර තිබෙනවා.




