Published
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියා.
ඒ, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි වීම සඳහායි.
එහිදී ජනාධිපතිවරයා විසින් ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට ලබාදෙන නව සහන පිළිබද අදහස් පල කලා.
ජනාධිපතිවරයා විසින් මෙහිදී වී වගාවට ලබා දෙන සහන පිළිබදවද අදහස් පල කලා.
අපනයන භෝග හා සත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට ලබා දෙන සහන පිළිබදවද ජනාධිපතිවරයා අදහස් පල කලේ මෙලෙසයි.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අද පස්වරුවේ අනුමත වුණා.




