පවතින දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල අදත් විවිධ අදහස් පළ වුණා. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසුවේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අඩුකිරීමට ගත් තීරණය මෙන්ම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්ද අහෝසි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

වර්තමාන රජය ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කරමින් අත්තනෝමතික තීන්දු තීරණ ක්‍රියාත්මක කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. සමගි ජන බලවේගයේ ඉදිරියේදී සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මෙලෙස අදහස් පළ කළා. අමෙරිකාව සමග සාකච්ඡා කර තීරු බදු සහනය ලබා ගැනීමේදී ශ්‍රී ලංකාව අමෙරිකාව සමග එකඟ වූ ගිවිසුම් සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.