Published
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ ආරම්භ වුණා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනාව තුළින් අපොහොසත් වී ඇති බවත් ඊට විසඳුම් ලබා දෙන ලෙසත් රජයට බල කරමින් අද පෙරවරු 08 සිට දිවයින පුරා සියලුම රෝහල්වල වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමටයි එම සංගමය සූදානම් වන්නේ.



