Published
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.
කොරියානු නව පාලනය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවන් හඳුනාගෙන සමීපව කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනිය එහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා මත කොරියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බවද තානාපතිනිය එහිදී අවධාරණය කර තිබෙනවා.
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ නව නියෝජිතයින්ද එහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අතර ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ණධෂක්‍් ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.