ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේත්, සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා – පෞද්ගලික සමාගමේත් සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම විශේෂ විමර්ශන කමිටුව හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවකට ද එක් වූ ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එහිදී, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා – පෞද්ගලික සමාගමේ සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොවීම හේතුවෙන් එම ආයතන විශාල ලෙස අකර්මණ්‍ය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වාදී තිබෙනවා.

මෙම සිදුවීම් පිළිබඳ ඉදිරිපත්ව ඇති සියලු කරුණු අධ්‍යයනය කරමින් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසයි එහිදී උපදෙස් දී ඇත්තේ.

එම තත්ත්ව නිවැරදි කිරීමට සහ අනාගතයේදී එවැනි දෑ නැවත සිදුවීම වැළැක්වීමට අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කමිටුවට දැනුම්දී තිබෙනවා.

සම්පූර්ණ විස්තරය පහත නිවේදනයේ සඳහන් වේ.