මේ පළාත් පාලන මැතිවරණය වනතුරු සමගි ජන බලවේගයට කිසිදු පළාත් පාලන මන්ත්‍රීවරුන් නොසිටියත් අද වන විට සමගි ජන බලවේගයෙන් සෑම පළාතකම පළාත් පාලන මන්ත්‍රීවරුන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජන බලවේගය ගොඩනැගෙන ගමනේ ආරම්භය බවත් 2020 සිට මේ දක්වා ඒ ගමන පැමිණි බවයි වත්තල ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සමාජික ප්‍රවර්ධන වැඩසටහනකදී විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.
අනුර කුමාර දිසානායක කියන ආකාරයට හෝ දෙන නැකතට නම් සමගි ජන බලවේගය එකතු නොවෙන බවත් වෙනදා එක් එක් පක්ෂ එකතු වුයේ වරදාන වරප්‍රසාද තනතුරු අපේක්ෂාවෙන් වුවත් සමගි ජන බලවේගය ඒවා නොකරණ බවත් මේ සියලු එකතු වීම් වන්නේ ප්‍රතිපත්ති මත බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.
රට ගොඩනැගිම ලක්ෂ 220 ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම දැවැන්ත සංවර්ධන යුගයක් ඇති කිරීම වෙනුවෙන් රට ගැන සුබවාදී මත දරන අය වෙනුවෙන් එකතු වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසුවේ.
මෙරට තරුණයා අපේක්ෂා කරන්නේ සෞභාග්‍යය සම්පන්න රටක් බවත් පුරවැසි සැමගේම අපේක්ෂාව එය නිසා එම ඉලක්කය කරා යන බවත් අනුර කුමාර දිසානායක කියන පදයට නටන්න නම් සූදානම් නැති බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනතා වරම අරන් IMF පදේට නැටුවත් තමා නම් එක එක පදේට නටන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ
IMF එකේ රූකඩයක් වුණ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා IMF එක කියන ප්‍රමාණයට වඩා බදු ගසා පාර්ලිමේන්තුවේ වහල්ලු සන්තෝෂ කරන බවත් මේ අයට රාජ්‍ය පාලනය හෝ ජනතාව ගැන ජන විඥ්ඥානය ගැන තැකීමක් නැති බවත් ජනතා ගැටලු මේ අයට වැදගත් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.
එබැවින් IMF රූකඩ ජනාධිපතිවරයා වැඩිපුර ගැසු බදු වලින් එකතු වු අරමුදල් තරුණයන්ට කර්මාන්තවලට දුප්පත්කම තුරන් කිරීමට යොදවන ලෙසට කියා සිටින බවත් දැන්වත් ජනතාව කෙරෙහි දයාව කරුණාව පුද කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.




