හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත බලාත්මක වීම සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම පිළිබඳව එකඟ විය නොහැකි බවයි.

එම පනත බලාත්මක වීම හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනතාව ඒකරාශී කර ගැනීමට අවස්ථාව හිමි වූ බවයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත බලාත්මක වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.