බ්‍රිතාන්‍ය ජාතික ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ජපානය , තුර්කිය හරහා යුරෝපය වෙත පැන යාමට තැත් කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඒ සැකකරු ඊයේ රාත්‍රී 08.00 ට ජපානයේ නරීටා බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි
මොහු 47 හැවිරිදි ඉරාන ජාතිකයෙකි .
ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමේදී , ඔහු ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය ජාතික ගමන් බලපත්‍රය පිළිබද සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් , ඔහුගේ සියලුම ලියකියවිලි ද සමග ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා.
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී , මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවත් , ඒ සදහා ඔහු එරට තැරැව්කරුවෙකු වෙත ඇමෙරිකානු ඩොලර් 15,000 ක ගෙවා ඇති බවත් අනාවරණය විය.
එසේම තවදුරටත් ඔහුගේ මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේ දී , ඒ තුළ ඔහුගේ සැබෑ ඉරාන ජාතික ගමන් බලපත්‍රය සහ ජපානයේ නරීටා සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත යාමට ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද සගවා ගෙන තිබියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .
ඉන්පසුව අත් අඩංගුවට ගත් මෙම ඉරාන ජාතිකයා , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.