ජපානයේ ඊසාන දිග ප්රදේශයට අද පෙරවරුවේ රික්ටර් මාපකයේ 6යි දශම 7ක ප්රබල භූමිකම්පාවක් ඇති වුණා.
ඒ, අමෝරි ප්රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 20ක් ගැඹුරකින්.
එරට වේලාවෙන් පෙරවරු 11යි 44ට පමණ හටගත් මෙම භූමිකම්පාව හේතුවෙන් මුහුදු රළ මීටර් 1ක් දක්වා ඉහළ යා හැකි බවටයි අනතුරු ඇඟ වූයේ.
ඒ අනුව ජපාන කාලගුණ විද්යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කළා.
මේ සමගම අමෝරි ප්රාන්තයේ සිටි 6,000කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බවයි ජපාන මාධ්ය වාර්තා කළේ.
පසුගිය සඳුදා ද ජපානයේ මෙම කලාපයේ රික්ටර් මාපකයේ 7යි දශම 5ක ප්රබල භූමිකම්පාවක් ඇති වුණා.
එහිදී පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලැබුවා. එම භූමිකම්පාවෙන් පසු උතුරු හොක්කයිඩෝ සිට ටෝකියෝවේ නැගෙනහිරින් චිබා දක්වා වූ ප්රදේශයක යළිත් ප්රබල භූමිකම්පාවක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජපාන රජය එහි ජනතාවට විශේෂ දැනුම්දීම් ද නිකුත් කර තිබුණා.




