ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඒ අනුව එම පනත් කෙටුම්පත 2025 අංක 19 දරන ජාතික විගණන සංශෝධන පනත ලෙස බලාත්මක වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
විගණන සංශෝධන පනත් කෙටුම්පත පසුගිය ජූලි මස 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඉකුත් 11 වනදා එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීමේ අරමුණීන් මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණා.
ඒ අනුව විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන අධිභාර පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා එහි සංයුතිය, කාල සීමාවන් සහ ක්‍රියා පටිපාටි ඇතුළුව අධිභාර සමාලෝචන කමිටුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැපයීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
එමෙන්ම වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට විගණකාධිපතිවරයාට බලතල ලබාදීම සහ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස පහේ සිට මාස හයක් දක්වා දීර්ඝ කිරීම යන ප්‍රධාන වෙනස්කම් නව පනතට ඇතුළත්.




