Published
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි. එම වාර්තාවලට අනුව මෙරට රිලවු - මිලියන 5.71 ,වඳුරෝ - මිලියන 1.74 ,මොණරු - මිලියන 4.24 , දඬුලේන්නු - මිලියන 2.26 සිටින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ මේ අතර සත්ත්ව සංගණනය සඳහා මිලියන 2.7ක මුදලක් වැය වී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා සිටියා