සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ තහනමට එරෙහිව නේපාලයේ ඇතිවූ දැවැන්ත විරෝධතා හේතුවෙන් එරට රජය එම තහනම ඉවත් කර තිබෙනවා. එරට කැබිනට් ප්‍රකාශක සහ සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය ප්‍රිත්වි සුබා ගුරුන්ග් ප්‍රකාශයට පත් කර ඇත්තේ රජය විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කර ඇති බවයි. වැරදි තොරතුරු, වංචා සහ වෛරී ප්‍රකාශ මැඩපැවැත්වීම සඳහා රජය විසින් දරන උත්සහයක් ලෙස ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාල 26ක් තහනම් කිරීමට නේපාල රජය තීරණය කළේ පසුගිය සතියේයි. එම තීරණයට එරෙහිව නේපාලය පුරා පැවති විරෝධතා උත්සන්න වී විරෝධතාකරුවන් සහ නේපාල ආරක්‍ෂක අංශ අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තවත් 400කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.