වයඹදිග හා උතුරු පාකිස්තානයට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් ඊයේ දිනයේදී මියගොස් ඇති බව එරට ආපදා කලමනාකරණ අධිකාරිය පවසනවා. කයිබර් පක්තුන්ක්වා කඳුකරයට මෙලෙස අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. කඳුකරයේ අධික වර්ෂාව හදිසි ගංවතුර අකුණු සැර වැදීම් සහ ගොඩනැගිලි කඩාවැටීම් වැනි හේතුන් මත මෙම මරණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.