පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා මතු කළ ආරක්ෂක ගැටලුව සම්බන්ධයෙන් පොලීසිය අවධානය යොමුකර මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ මහතාගේ උපදෙස් පරිදි මන්ත්‍රීවරයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අදහස් දක්වමින් කියා සිටියේ තමාට මරණ තර්ජන එල්ල වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ මහතා විසින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවටද මන්ත්‍රීවරයා එහිදී පැවසුවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මන්ත්‍රී ජගත් විතාන මහතා.