ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබෙනවා. ඒ, ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසුවයි. ඒ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත්කරමින් සඳහන්කර ඇත්තේ සාමය සඳහා වූ ‘ට්‍රම්ප්ගේ සැලැස්ම‘ වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමග කටයුතු කරන බවයි. අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ සිය ටෘත් අවකාශයේ සටහනක් තබමින් හමාස් සංවිධානය අනතුරු අඟවා සිටියා. ඒ හෙට දිනයේ ග්‍රිනිජ් වේලාවෙන් 22පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් පස්වරු 6 වනවිට තම සාම සැලැස්මට එකඟවිය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ.