අමෙරිකාව පැනවූ සියයට 20ක නව තීරුබදු හමුවේ ශ්‍රී ලංකාවද සිය තීරු බදු ක්‍රමය වහා සංශෝධනය කරගත යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු කියා සිටියේ රටේ තීරුබදු ක්‍රමය වෙනස් නොකිරීමෙන් අවසානයේ බලපෑමට ලක්වන්නේ ශ්‍රී ලාංකිකයින්ම බවයි.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාව රටක් වශයෙන් පනවා ඇති අනවශ්‍ය බදු සම්බන්ධයෙන් අමෙරිකාවේද අවධානය යොමුව ඇති බවයි.

කෙසේවෙතත් අමෙරිකාව විසින් මීට පෙර පැනවූ සියයට 44ක බද්දට සාපේක්‍ෂව වර්තමානයේ සියයට 20ක බද්දක් පැනවීම සුබදායක බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා නෙත් නිවුස් සමග කළ සංවාදයේදී වැඩිදුරටත් පැවසුවේ.