Published
ශ්‍රී ලංකාව විසින් අමෙරිකාවට සිදු කරන අපනයන සඳහා සියයට 30ක තීරු බද්දයක් පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
ධවල මන්දිරය විසින් මෙම නව සංශෝධිත බදු ප්‍රතිශතය ඇතුළත් නිවේදනය ඊයේ රාත්‍රියේ මෙරටට දැනුම්දී තිබුණා.
ඒ අනුව මෙම නව බදු පැනවීම අගෝස්තු මස පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ.
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය සියයට 44ක්.
ඒ අනුව කලින් ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිශතයට වඩා අමෙරිකාව විසින් මෙවර ප්‍රකාශයට පත් කර ඇති බදු ප්‍රතිශතය සියයට 14කින් අඩු වී තිබෙනවා.