Published
ටිපර් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොළඹ නුවර පාරේ තිත්වැල් මංකඩ ප්රදේශයේදී එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
නුවර දෙසට යමින් තිබූ ටිපර් රථයක අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථය ගැටී ඇති අතර, බස් රථය මාර්ගයේ ඉවතට පැන වෙළෙඳසැලක් අසල නතරවී ඇති බවයි දංඕවිට පොලීසිය සඳහන් කර සිටියේ
අනතුරින් බස් රථයේ රියදුරු සමග හිමිනමක් තුවාල ලබා රෝහල් ඇතුළත් කර තිබෙනවා.
බස් රථයේ වැරදි මංතීරුවේ ධාවනය වීම නිසා ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව දංඕවිට පොලීසිය පවසයි