අමෙරාකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් ළමුන් 10 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අතරට වැඩිහිටි පුද්ගලයින් 56ක් සහ ළමයින් 28 දෙනෙකු ඇතුළත්.

ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැළිය හැකි බැවින් ගංගාවල ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් ඇති බවයි එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.