Published
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ ගියද මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට බස් සංගම් තීරණය කර තිබෙනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව අද සිට සියයට 2.5ක ගාස්තු අඩු වීමක් සිදුවිය යුතුව පැවතීම හා ඩීසල් මිල ඉහළ ගිය ප්‍රතිශතය සලකා මෙම තීරණයට එළඹුනු බවයි.
බස් රථ රියදුරටන්ට ආරක්ෂිත බඳ පටි පැළඳීම අනිවාර්යය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද ගැමුණු විජේරත්න මහතා අදහස් පළ කළා.
මේ අතර ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙම අවස්ථාවේ ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි සමස්ථ ලංකා ත්‍රිරෝද රථ රියදුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ.