අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බි්‍රතාන්‍යයේ BBC මාධ්‍ය ආයතනයෙන් ඩොලර් බිලියන පහක වන්දියක් ඉල්ලීමට සූදානම් වනවා.

ඒ, තමන් විසින් 2021 වසරේදී සිදුකළ කතාවක අදහස් විකෘති වන අයුරින් එම මාධ්‍ය ආයතනය සංස්කරණය කර විකාශ කිරීම සම්බන්ධයෙන්.

BBC මාධ්‍ය ආයතනයෙන් එලෙස ඩොලර් බිලියන පහක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එම සිදුවීම සම්බන්ධයෙන් BBC මාධ්‍ය ආයතනය අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් සමාව ද ඉල්ලා සිටියා.

මෙම සිදුවීමට හේතුවෙන් BBC මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානී යන දෙදෙනාද පසුගියදා ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.