Published
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට පෙර ඇමරිකානු සහ රුසියානු නිලධාරීන් විශේෂ හමුවක් පැවැත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඇලස්කා ප්‍රාන්තයේදීයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස උත්සහ දරන්නේ යුක්‍රේන - රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා ඔහු ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර මෙලෙස හමුවක් සිදු වන්නේ වසර හයකට පසුවයි. නායකයින් දෙදෙනා අතර හමුව සිදුවීමට නියමිතව ඇත්තේ අමෙරිකානු හමුදා කඳවුරක බවටද වාර්තා පළ වනවා. කෙසේවෙතත් යුක්රේනයේ නායක වොලොඩිමියර් සෙලෙන්ස්කි මෙම සාකච්ඡාවලින් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍යයන්හී සඳහන්.